එල්.පී.එල්. 27 වැනිදා ආරම්භවේ ….

එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලබන 27 වැනිදා ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබී තිබේ. මීට පෙර තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ලබන 21 වැනිදාය.

මෙම තරගාවලියේ සියලූම තරග සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී  පැවැත්වීමට සැලසුම් කර ඇත.

තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන් දින හතක නිරෝධායනයකින් පසුව පුහුණුවීම් ආරම්භ කළ යුතු අතර පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියට ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන් ලබන 19 වැනිදා වන විට ශ‍්‍රී ලංකාවට පැමිනීමට නියමිතව තිබේ.

එල්.පී.එල්. තරගාවලියේ සමස්ත තරග සංඛ්‍යාව 23 කි. ඒ අනුව සෑම දිනකම තරග දෙක බැගින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here