එල්.පී.එල්. වෙන්දේසියට ක‍්‍රීඩකයන් 270 ක්…

ලබන නොවැම්බර් මස 14 වැනිදා හම්බන්තොටදී ආරම්භ කිරීමට නියමිත එල්. පී. එල්. තරගාවලිය දෙසැම්බර් මස 6 වැනිදායින් අවසන් කිරීමට නියමිතව තිබේ. නමුත් ඒ සඳහා සහභාගි වන කණ්ඩායම් පහෙන් මේ වන විට තවත් කණ්ඩායම් දෙකක් අලෙවි වී නැති නමුත් ක‍්‍රීඩක වෙන්දේසිය ඔක්තෝම්බර් 1 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ලංසුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 140 සිට 270 දක්වා ඉහළ දැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

තරගාවලියට සහභාගි වන සියලූම ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකා රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ප‍්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. එහිදී තරගාවලියට සහභාගි වන විදෙස් ක‍්‍රීඩකයන් දින 14 ක් නිරෝධායනය විය යුතුව ඇති බැවින් ඊට කැමැති ක‍්‍රීඩකයන් පමණක් අදාළ ලංසුවට ඉදිරිපත් කර තිබේ.

‘ඔන් ලයින්’ තාක්ෂණය ඔස්සේ අදාළ ක‍්‍රීඩක වෙන්දේසිය ලබන පළමු වැනිදා සිදුකිරීමට නියමිතව තිබේ. ඒ සඳහා ඉදිරිපත් කරන ක‍්‍රීඩකයන් 30 දෙනකු පමණක් එක් කණ්ඩායමකට හය බැගින් තෝරාගනු ලබයි. තරගාවලියට සහභාගි වීමට පාකිස්තානය, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අයර්ලන්තය, දකුණු අප‍්‍රිකාව, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්ථානය යන රටවල ක‍්‍රීඩකයන් බොහෝ දෙනෙකු කැමැත්ත පළ කර ඇත.

T 20 තරග ලොව නම් දැරූ ක‍්‍රීඩකයන් වන ක‍්‍රිස් ගේ්ල්, ඩැරන් සමී, ජොනී බෙයාස්ටෝ, කෙමාර් රොච්, ෂකීබ් අල් හසන්, ෂොයිබ් මලික්, ඬේවිඞ් විස්, ටෙ‍්‍රන්ට් බෝල්ට්, ටිම් සවුති, ඇඩම් මිලන් සහ ෆෆ් ඩු ප්ලෙසිස් යන ක‍්‍රීඩකයන්ද ඇතුළත් වීම විශේෂත්වයකි. මීට අමතරව සහිඞ් අෆ්රීඩිව දැනටමත් ගාල්ල කණ්ඩායමේ විදෙස් ක‍්‍රීඩකයා වශයෙන් වෙන්කර ගැනීමට එම කණ්ඩායමේ අයිතිකරුවන් ක‍්‍රියා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here