එල්.පි.එල්. නම වෙනස් වෙයි…

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාලියේ නම ‘මයි ලෙවන් සර්කල් ලංකා ප්‍රිමියර් ලීග්’ යනුවෙන් වෙනස් වී තිබේ.

අදාළ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ඉන්දියාවේ ‘මයි ලෙවන් සර්කල්’ ආයතනය ඉදිරිපත් වීමත් සමගින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙසේ නම වෙනස් වී තිබේ. මෙම සමාගම ඉන්දියාවේ ප්‍රකට ඔන්ලයින් ක්‍රීඩා සමාගමකි.

අදාළ ආයතනයේ සන්නාම තානාපති වශයෙන් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මෙන්ම වත්මන් ඉන්දීය ක්‍රිකට් සභාපති සව්රව් ගංගුලි කටයුතු කරනු ලබයි.

මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි ‘මයි ලෙවන් සර්කල්’ ආයතනයේ අලෙවි හා
උපායමාර්ගික අධ්‍යක්ෂ අවීන් දාස් ‘ලංකා ප්‍රිමියර් ලීගය සමග හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. ‘මයි ලෙවන් සර්කල් ලංකා ප්‍රිමියර් ලීග්’ තරගාවලිය ලොව විශාලතම ක්‍රීඩා ගුණාංගවලින් සමන්විත තරගාවලියක් වීමේ හැකියාව ඇති බව අපි විශ්වාස කරමු. මෙහිදී අපගේ මූලික පරමාර්ථය වන්නේ කලාප සහ දේශසීමා හරහා වැඩි ක්‍රිකට් ලෝලීන් පිරිසක් වෙත ළගාවීමයි’ යනුවෙන් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here