එක්දින තරගාවලි ජය අපෙන් ගිලිහෙයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර ඩර්බන්හි කින්ග්ස්මීඩ් ඕවල් ක්‍රීඩාංගන⁣⁣⁣ෙයෙේදී පැවති ⁣⁣ෙතෙවැනි එක්දින තරග⁣යෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 71ක පරාජයක් හිමිවූ⁣යේ තරගයට වරෂා⁣වෙන් බාධා සිදුවීම නිසා ජයග්‍රහණය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තීරණය කරීමත් සමගිනි.

තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග තුනම ජයගෙන තරගාවලියේ ජය ද තමන් සතුකරගෙන දකුණු අප්‍රිකානුවන් දැන් සිටිනුයේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙනි.

මෙම තරගයේදී කාසයේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව ලකුණු රැස්කිරීම සඳහා ප්‍රතිවාදීන්ට ඇරයුම් කළේය. ඒ අනුව දකුණු අප්‍රිකානුවන් සිය ඉනිම නිමා කළේ පන්දුවාර 50 අවසනදී කඩුලු 5ක් බිඳවැටී ලකුණු 331ක් වශයෙනි.

එම දැවැන්ත අභියෝගය භාරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසිය ද වර්ෂාව නිසාවෙන් තරගය නතර කරන විට කඩුලු 5ක් බිඳවැටී තිබියදී ශ්‍රී ලංකාවට ලබාගතහැකිව තබුනේ ලකුණු 121ක් පමණි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු කුවීන්ටන් ඩී කොක් ලකුණු වේගවත් ලකුණු 121ක් රැස්කරගනු ලැබුවේ පන්දු 108කිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලුලාභයා බවට පත්වූයේ ලකුණු 50කට කඩලු 2ක් බිඳහෙලු ඉසුරු උදානය. ඊට අමතරව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙද්දි ඔවුන්ව යම් තරමකින් හෝ මෙල්ලකරගැනීමට හැකිවූයේ ඊයේ (10) දනයේදී තම මංගල එක්දින ජාත්‍යයන්තරබතරගයට ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් පමණි. ඔහු පන්දුවාර 10ක් යවා ලකුණු 45කට එක් කඩුල්ලක් බිඳහෙලීමට සමත්විය. ලසිත් මාලංග හා කසුන් රාජිත ද එක් කඩුලල බැගින් බිඳහෙලුහ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 41ක් ලබාගත් කුසල් මෙන්ඩිස්ය. ඉම්රාන් තාහීර් දකුණු අප්‍රිකාව වෙනුවෙන් කඩුලු 2ක් බිඳ දැමීමට සමත් විය.

ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම හා දුර්වල පිතිකරණ විලාශය මෙම තරගයේදීද හොඳින් ප්‍රදර්ශනය විය. එම අඩුපාඩු ඉතා ඉක්මනින් නිවැරදි කරගැනීමටනොහැකි වුවහොත් ලෝක කුසලානය තවත් වසර කිහිපයකට අපිට හීනයක්ම වනු නොවනුමානය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here