එක්දින අපලය දුරු නොවන හැඩ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අපිකාව සමගින් අද (06) පැවති දෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 113කින් පරාජයට පත්වීමත් සමග තරග 5න් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස දකුණු අප්‍රිකානුවන් ඉදිරියෙන් පසුවේ. තරගය දකුණු අප්‍රිකාවේ සුපර්ස්පෝරට් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 45.1කදී ලකුණු 251කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ සමගම ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවිණි.

එනමුත් පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අපරීක්ෂාකාරී පිතිකරන රටාව හේතුවෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 113ක පහසු ජයක් හිමිවූයේ බොහෝදෙනා පුදුමයට පත්කරමිනි. ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 32.2කට සීමාකිරීමට දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් සමත්වූයේ ටෙස්ට් තරගාවලියේ සිදුවු අවමානය අකාමකා දමමිනි. ටෙස්ට් ක්‍රිකට් වලින් යම් තරමකට හෝ හිස එසවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී ඇතත් එක්දින තරගවලින් ගොඩඑන පාටක් නම් තවම දක්නට නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here