එංගලන්තය පැරදු අයර්ලන්තයට ඓතිහාසික ජයක්

සංචාරක අයර්ලන්තය ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය සමග පැවැති තෙවැනි එක්දින තරගය කඩුලු 7කින් ජයගනිමින් ඓතිහාසික ජයක් ලැබීමට ඊයේ (05) සමත්විය.

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට ලබාදුන්නේය. ඒ අනුව පිටියට පිවිසි එංගලන්තය පන්දුවාර 49.5කදී සියලුදෙනා දැවී ලකුණු 328ක් රැස්කළේය.

නායක ඉයෝන් මොර්ගන් වේගවත් ශතකයක් සමගින් පන්දු 84කින් ලකුණු 106ක් ලබාගත්තේය. පන්දුයැවීමේදී  ක්‍රෙයිග් යන්ග් ලකුණු 53කට කඩුලු 3ක් බිඳහෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය ප්‍රබල එංගලන්තය හමුවේ තරගය නිමවීමට එක් පන්දුවක් ඉතිරිව තිබී තරගය ජයගත්තේ ඉතිහාසගත ජයක් ලබමිනි. ඒ කඩුලු 7කිනි.

එහිදී පෝල් ස්ටර්ලින් පන්දු 128කදී ⁣වේගවත් ශතකයක් ලබාගත් අතර, ඔහුට අනගි සහයක් ලබාදුන් නායක ඇන්ඩි බර්බ්‍රිනි ලකුණු 113ක් ලබාගත්තේය.  තරගයේ වීරයා සම්මානය පෝල් ස්ටර්ලින්ට හිමිවිය.

පන්දුයැවීමේදී ඩේවිඩ් විලී සහ අදිල් රෂඩ් එක් කඩුල්ල බැගින් බිඳහෙලූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here