එංගලන්ත ඉනිම ශ්‍රී ලංකාව සාර්ථකව පාලනය කරයි

ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ සත්කාරක එංගලන්තය අතර මේ වන විට පැවැත්වෙන තරගය ජයගැනීමේ අවස්ථාව තාමත් දෙපිළටම විවෘතව පවතී.

ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරු යුගලය ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට එංගලන්ත පන්දුයවන්නන් සමත්වීම නිසා ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳවැටිණි. එහෙත් මෙතෙක් සාර්ථක වීමට අවස්ථාව නොලැබුණු ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ ලකුණු 85ක් ලබාගනිමිනි. තිරිමාන්න වෙනුවට කණ්ඩායමට එකතුවූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 49කට දැවීගියේය. ඊට අමතරව කුසල් මෙන්ඩිස්ද ලබාගත් ලකුණු 46ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට ඉමහත් දායකත්වයක් සැපයීය. නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9කට ලකුණු 232ක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

පහසු ඉලකක්කයක් හඹායෑමට පැමිණි එංගලන්ත මුල්පෙළ කඩුලු කිහිපය අඩු ලකුණු ගණනකට බිඳදමමින් ශ්‍රී ලංකාව එංගලන්ත ජය පමා කරමින් තරගය දෙපිළටම විවෘත තරගයක් බවට පත්කළේය.

ප්‍රබල එංගලන්ත කණ්ඩායමේ පළමු පවර්ප්ලේ අවස්ථාවේ කඩුලු 2ක් බිඳදැමූ ශ්‍රී ලංකාව පන්දුවාරයකට දළ ලකුණු ලබාගැනීමේ වේගය 3.5කට වඩා අඩුවෙන් තබාගනිමින් සත්කාරකයන්ට ප්‍රබල අභියෝගයක් එල්ලකිරීම විස්තර විචාරකයන්ගේ නොමඳ පැසුසමට ලක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here