එංගලන්තයේ සායම වැස්සට හේදෙයි

12 වැනි ක්‍රිකට් ලෝක කුසලානය මේ දිනවල එංගලන්තයේහා වේල්සයේදී පැවැත්වෙන අතර අද (14) එහි 19 වැනි තරගය පැවැත්වීමට නියමිතය. මේ දක්වා පැවති තරග අතුරින් තරග 4ක් වැස්ස නිසා අත්හැර දැමීමට සිදුවූ අතර එම තරග වලට සහභාගී වූ කණ්ඩායම් වලට සම ලකුණු ප්‍රධානය කෙරිණි.

මින් වැඩිම බලපෑමක් එල්ල වූ කණ්ඩායම බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාව වන අතර ඔවුන්ගේ තරග 2ක් වැස්ස නිසා අත්හැර දැමීමට සිදුවිය ඒ බංගලාදේශය හා පාකිස්තානය සමග පැවැති තරග දෙකයි. මෙවර තරගාවලියේ මෙතෙක් අත්හැර දැමු තරග අතුරින් 3ක් එකදු පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට සිදුවීම ලෝක කුසලානය වැනි අතිශය තීරණාත්මකක තරගාවලියක තීරණයට සෘජුව බලපෑම ඇතිකරන බැවින් බොහොදෙනෙකුගේ දෝෂාරෝපණයට මේ වනවිට එංගලන්තය ලක්ව ඇත.

මෙතෙක් පැවති ලෝක.කුසලාන තරගාවලි වලදි වර්ෂාව නිසා අත්හැර දැමුනු උපරිමතරග ගණන 2ක් වන අතර, යම හෙයකින් අද පැවැත්වෙන එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් දේශය සමග තරගයටත්.වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් තත්වය මීට වඩා බොහෝසේ වෙනස් වීමට ඉඩ ඇත.

මෙම තරග වලට අතිරේක දිනයක් යොදා නොගන්නේ ඇයිද යන්න බොහෝදෙනෙකු විමසා තිබූ නමුත් ප්‍රායෝගිකව එහි ඇති ගැටලු රැසක් පිළිබඳව ICC ප්‍රධානීන් විසින්පසුගියදා මාධ්‍යයට කරැණු දක්වා තිබුණි.

ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට හඳුන්වාදුන් එංගලන්තයට ක්‍රිකට් ලෝක කුසලානය නිසාම අපකිර්තීයට පත්වීමටසිදුව ඇත්තේ තරගාවලි සංවිධානයපදුරුවල බව සඳහන් කරමිනි. ඒ න්සාවෙන්ම තමන්ට ඇතිවූ කැළල නිවැරදි කරගැනීමට ඉක්මනින්ම එංගලන්තය සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි බොහෝදෙනෙක් දෑස් දල්වා බලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here