එංගලන්තයෙන් බංගලාදේශයට හයේ වැස්සක් – නව වාර්තාවකුත් ඒ අතර

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 11 වැනි තරගය ලෙස එංලගන්තය හා බංගලාදේශය අතර මේ වනවිට පැවැත්වෙන අතර, එහිදි පළමුව පන්දුවට දුන් එංගලන්ත ක්‍රීඩයන් විසින් ගිණිකෙළි සංදර්ශනයක් සිරි මවමින් දැවැන්ත හයේ පහර 14කින් කාඩීෆ් ක්‍රීඩාංගණය වර්ණවත් කළේය.

කාසියේ වාසිය දිනාගත් බංගලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පැමිණි එංගලන්ත ක්‍රීඩකයෝ ලෝක කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් කඩලු 6කට ලකුණු 386ක් රැස්කිරීමට සමත් වූහ.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජේසන් රෝයි පන්දු 121කින් වේගවත් ලකුණු 153ක් ලබාගැනීමට සමත්විය. එයට දැවැන්ත 6පහර 5ක් සහ 4 පහර 14ක් අන්තර්ගත විය. මෙහෙදී හසන්ගේ පන්දුවාරයකට පිට පිටම 6 පහර 3ක් එල්ල කිරීමෙන් පසු ඊලඟ පන්දුවටත් 6 පහරක් එල්ල කිරීමට යාමෙන් රෝයිගේ ඉනිම නිමා නොවන්නට ඔහුගේ පිතතෙන් ලකුණු 200ක් වුවද එකුතු වන්නට ඉඩකඩ තිබුණි.

ඉන් අනතුරුව පිටියට එකතු වූ බට්ලර් රෝයිගේ කාර්යය මනාව ඉටුකළේය. ඔහු ලකුණු 64ක් ලබාගත්තේ 6 පහර 4ක් සමගිනි.

පන්දු යැවීමේදී බංගලාදේශයේ සියලුම පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයකට ලක්වීමට සිදුවුවද අවසන් පන්දුවාර කිහිපයේදී කඩුලු කිහිපයක් දවාගැනීමට සමත්විය.

මෙහෙදි හසන් හා මොහොමඩ් සයිෆුදීන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

එංගලන්ත ක්‍රීඩකයන්ගේ 6 පහරවල් මෙ⁣සේය.

ජේසන් රෝයි – 5, ජෝස් බට්ලර් – 4, ඉයොන් මෝර්ගන් -2, ක්‍රිස් වෝකර්ස් -2, ප්ලන්කට් -1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here