එංගලන්තයට එංගලන්තයේදීම යන එන මං නැති කළ පෙරළිකාර පාකිස්තානුවෝ

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෝ ශරතාවය දිනාගැනීම සඳහා සටන් වදින පාකිස්තානය සත්කාරක එංගලන්තය නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රිඩාංගණයේදී ලකුණු 14කින් පරාජයට පත්කරමින් සුවිසල් පෙරළියක් සිදුකිරීමට ඊයේ (03) සමත්විය.

කාසියේ වාසිය දිනාගනිමින් එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කරනු ලැබුවේ සිය වේග පන්දු බලඇණිය ගැන මෙන්ම මේ දිනවල සාර්ථකම එක්දින කණ්ඩායම බවට පත්ව සිටින එංගලන්ත කණ්ඩායමට තමාගේ ක්‍රීඩංගණයේදී ඕනෑම ලකුණු ගණනක් හඹාගෙන ගොස් ජයගැනීම අසීරු නොවනු ඇතැයි උපකල්පනය කළ නිසා විය හැකිය.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය එංගලන්තයට ප්‍රබල තර්ජනයක් එල්ලකරනු ලැබුවේ පන්දුවාර 50 අවසානයේදී කඩලු 8කට ලකුණු 348ක් ලබාගනිමිනි. එය මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණය ද විය. පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ හෆීස් ලකුණු 84ක් රැස්කළේය. ඊට අමතරව බාබර් අසාම් ලකුණු 63කින් සහ නායක් සෆ්රාස් අහමඩ් ලකුණු 55කින් ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායකත්වය දැක්වූහ. පන්දු යැවීමේදී මොයීන් අලී සහ ක්‍රිස් වෝකස් කඩුලු 3 බැගින් බිඳහෙලීය.

ලකුණු 349ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය එංගලන්තයෙන් ශතක දෙකක් වාර්තා වුවද පාකිස්තානු ජය නතර කිරීමට එය ප්‍රමාණවත් නොවීය. ජෝ රූට් ලකුණු 107ක් සහ බට්ලර් ලකුණ 103 ලබාගනිමින් තමන්ගේ ගෞරවය වෙනුවෙන් සටන් වැදුනහ.

පිතිකරුවන්ට හිසරදයක් වූ වහබ් රියාස් කඩුලු 3ක් බිඳදැමූ අතර, සහබ් ඛාන් හා මොහොමඩ් අමීර් කඩුලු 2 බැගින් බිඳදැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here