උෂාන් හා රුමිෂ වලවේ සුපර්ක්‍රොස් හිදී දක්ෂතා දක්වති

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රීක ඉංජිනේරු රෙජීමේන්තුව විසින්, යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව හා ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමය සමග එක්ව 9 වැනි වරටත් සංවිධාන කරනු ලැබූ “වලව සුපර්ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය – 2019” 22දා ඇඹිලිපිටිය සෙවණගල ක්‍රාෆ්ට්මන් ඕටෝඩ්‍රොම් ධාවන පථයේදී පැවැත්වුණා.

රට වෙනුවෙන් ජීවිත පූජා කළ සහ ආබාධිත තත්ත්වයේ පසුවන වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය උදෙසාත්, දැනට සේවය කරන රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය උදෙසාත්, රෙජිමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධන උදෙසාත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන උපයා ගැනීමේ අරමුණින් වසරක් පාසා මෙම තරගාවලිය පවත්වනු ලබනවා.

මෙම වසරේ තරගාවලිය මෝටර් රථ ඉසව් 12කින් සහ යතුරුපැදි ඉසව් 12කින් සමන්විත වූ අතර ඒ සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ මෝටර රථ රියැදුරන් මෙන්ම යතුරුපැදිකරුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වුණා.

මෝටර් රථ ධාවන ඉසව්වේ දක්ෂතම රියදුරා ලෙසින් සම්මාන දිනාගනු ලැබුවේ උෂාන් පෙරේරා වන අතර ඔහු සමගින් තරග වැදුණු පසුගිය වසරේ දක්ෂතම රියදුරා සම්මානය ලැබූ අශාන් සිල්වාගේ රථය අනතුරකට ලක්වුණා.

දක්ෂතම ධාවකයා ලෙසින් යතුරුපැදි ඉසව්වෙන් රුමීෂ බුල්ජන්ස් සම්මාන දිනාගනු ලැබූ අතර ‘ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලානය’ හිමි කර ගනිමින් එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් යතුරුපැදි ඉසව්වේ ශූරතාවය දිනාගැනීමට දේශාන් සෝලංකි සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here