උමාර් අක්මාල්ට වසර තුනක තරග තහනමක්

පාකිස්තානයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල්ට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට වසර තුනක තහනමක් පනවා තිබේ.

මෙවර පාකිස්තාන ප්‍රිමියර් ලීග්වි ස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිදු වූ බව කියන දූෂිත ප්‍රවේශයන් දෙකක්අ දාළ ක්‍රිකට් ආයතනය වෙත වාර්තා නොකිරීම මත අක්මාල්ට මෙම තහනම පැනවීමට ප්‍රධාන චෝදනා විය.

අක්මාල් සම්බන්ධයෙන් පැවැති විනය කමිටු පරීක්ෂණයකින් අනතුරුව එම කමිටුවේ සභාපති ෆසාල් ඊ. මිරාන්වි සින් මෙම තීන්දුව ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අක්මාල්ට මුල් වරට චෝදනා එල්ල වූ වහාම පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඔහුව ඉවත්කොට තැබීමට සංවිධායකයෝ පියවර ගත්හ. මීට අමතරව මෙම තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව අක්මාල්ට පවතින බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

අරුණ පුවත්පත ඇසුරෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here