ඉසුරු උදාන ලෝකයෙන්ම පළමුවැනියා බවට පත්වෙයි

12 වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මේ දිනවල එංගලන්තයේදී හා වේල්සයේදි පැවැත්වෙන අතර ඒ සඳහා ලොව හොඳම කණ්ඩායම් 10 එකිනෙකා හා තරග වදිනුයේ ලෝක කුසලානය දිනාගැනීම වෙනුවෙනි.

අද (23) වනවිට නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවද්දි ශ්‍රී ලංකාවට එහි පස්වැනි ස්ථානය හිමිව තිබේ. තරගාවලියේ වැඩිම ලකුණු ලබාගන්නා ක්‍රීඩකයා, වැඩිම කඩුලු ලබාගන්නා ක්‍රීඩකයා ගැන බොහෝදෙනා අවධානය යොමුකරද්දි ශ්‍රී ලංකාවට එහි මුල් ස්ථාන හිමිනොවීම මෙරට ක්‍රීඩාලෝලින්ගේ දැඩි කනස්සල්ලට හේතුවක් බවට පත්ව තිබේ.

එහෙත් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පන්දු රැකීමේදී ප්‍රතිවාදීන්ට ලකුණු ලබානොදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ආරක්ෂා කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ සෙසු ක්‍රීඩකයන් අභිබවායමින් අංක 1 ස්ථානයේ රැඳී සිටීමට ඉසුරු උදාන සමත්වී තිබීම නම් මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ මුවගට සිනාවක් ගෙනා කාරණාවක් වූවාට සැක නැත.


මෙහි විශේෂත්වය වන්නේ ඔහු තරග 4කට පමණක් සහභාගී වී ප්‍රතිවාදින්ගෙන් ලකුණු 25ක් ආරක්ෂා කරගැනීමට සමත්වීම නිසාවෙනි. යාර 30 සීමාව තුළ පන්දු රකිමින් ලකුණු 21ක් ආරක්ෂා කර ඇති ඉසුරු උදාන ඉතිරි ලකුණු 4 ආරක්ෂාකරදී තිබෙන්නේ යාර 30 සීමාවෙන් එපිට පන්දු රකිමිනි.

මෙම සටහනේ දෙවැනි හා තෙවැනි ස්ථානවල පිළිවෙලින් බංගලාදේශයේ මෙහෙදි හසන් හා මුෂ්ෆිකර් රහීම් රැඳී සිටින අතර රහි 10වැනි ස්ථානයේ කුසල් පෙරේරා රැඳී සිටිනුයේ තරග 4කදී ලකුණු 15ක් ආරක්ෂා කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here