ලබන නොවැම්බර් මස අප්රිකාවේදී ආරම්භ වීමට නියමිත ‘මන්සි සුපර් ලීග් 20-20’ ක්රිකට් තරගාවලියේ ‘පාල් රොක්ස්’ කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ශ්රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක ඉසුරු උදානට හිමිවී ඇතැයි වාර්තා වේ.
ඉසුරු උදානට එම අවස්ථාව හිමිවී ඇත්තේ එංගලන්ත වේගපන්දු යවන්නෙකු වන ඩේවිඩ් විලී වෙනුවට බවද වාර්තා වේ.
පසුගියදා නිමාව දුටු ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේදී හා ශ්රී ලංකා කණ්ඩායමේ දකුණු අප්රිකානු සංචාරයේදී ඉසුරු උදාන දැක්වූ දක්ෂතා මත පදනම්ව මෙම තීරණය ගත් බව දකුණු අප්රිකානු ක්රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන්.
කෙසේ වෙතත් පාල් රොක්ස් කණ්ඩායම සඳහා සහභාගී වන එකම විදෙස් ක්රීඩකයා සහ ශ්රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලිය සඳහා සහභාගී වන එකම ක්රීඩකයා වීමේ අවස්ථාව ඉසුරු උදානට හිමිවී තිබීම විශේෂත්වයක්.
එසේම එම තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්රිස් ගේල්, පාකිස්තානු වේගපන්දු යවන ක්රීඩක වහබ් රියාස්, එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ඇලෙක්ස් හේල්ස්, ජේසන් රෝයි සහ තුන් ඉරියව් ක්රීඩක ටොම් කරන් ද තෝරාගෙන තිබීම විශේෂත්වයක්.