ඉර්ෆාන් පතන් කුසල්ගේ මහනුවර කණ්ඩායමට එයි…

ජාතික කණ්ඩායම්වල තරග සහ වෙනත් ආබාධ හේතුවෙන් එල්.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමට සිටි ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉවත් වුවද ඉන්දියාවේ හිටපු සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ඉර්ෆාන් පතන් එල්.පි.එල්. තරගාවලියේදී මහනුවර පිල නියෝජනය කිරීමට කොන්ත‍්‍රාත් අත්සන් කර තිබේ.

කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමේ විදෙස් ක‍්‍රීඩකයන් වන ක‍්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට් සහ වහබ් රියාස් ඇතුළත්ව තිබේ.

ක‍්‍රිස්ගේල් මීට දින කිහිපයක සිට මහනුවර කණ්ඩායමේ හිමිකරුවන් සමග සිය කොන්ත‍්‍රාත්තුව සම්බන්ධව සාකච්ඡුා කළද අදාළ සාකච්ඡුාවලින් පසුව ඔහු තරගාවලියට සහභාගි වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒ අනුව මහනුවර කණ්ඩායමට අයි.පී.එල්. අත්දැකීම් ඇති 36 හැවිරිදි ඉර්ෆාන් පතන් එක්වීම මගින් එම කණ්ඩායමේ සමබරතාව වැඩිවන අතර තරගාවලියේ උත්කර්ෂවත් බවටද එය පිටිවහලක් වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here