ඉන්දියාව රෝඩ් සේෆ්ටි තරගාවලියේ අවසන් සටනට

ඉන්දියාවේදී මේ දිනවල පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (මාර්ග ආරක්ෂණ) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබාගැනීමට ඊයේ (17) සමත්විය. ඒ අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 12කින් පරාජයට පත්කරමිනි.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8ක් බිඳවැටී ලකුණු 218ක් ලබාගත්තේය. එහිදී නායක සචින් තෙන්ඩුල්කාර් ලකුණු 65ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ කඩුලු 6ක් බිඳවැටී ලකුණු 206ක් පමණි.

ඒ අනුව හෙට (19) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග මාර්තු 21 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට ඉන්දියාව ක්‍රීඩා කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here