ඉන්දියාව ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් ශුරතාව දිනාගනී

ආසියානු කුසලාන වයස අවුරුදු 19 න පහල ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් බංගලාදේශය පරදවා ලකුණු 5 ක තියුණු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුනා.

අද පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 106 ක් පමණි.

එහෙත් ලකුණු 107 ක පහසු ඉලක්කයක් සදහා පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 33 තුල සියලු දෙන දැවී ලකුණු 101 කට සීමා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 5 කින් තරගය ජය ගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here