ඉන්දියාවට,ඕස්ට්‍රේලියාවට,එංගලන්තයට විශේෂ පහසුකම්” අයි.සී.සීයේ අසාධාරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී සිටියි.!

මෙවර ලෝක කුසලානයේදී තනතීරු සැකසීමේ සිට තරග කාල සටහන සැකසීම දක්වා සියලූම ක්‍රියාවන්වලදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය පක්ෂපාතීව සිදු කරනා බවට එල්ල වන්නේ චෝදනා රැසකි.

ඉන්දීය කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ සෑම තරගයක්ම ක්‍රීඩා කළේ පිතිකරුවන්ට සුදුසු තනතීරු වල වන අතර ශ්‍රී ලංකාවට ලබා දුන්නේ කොල පැහැති වේග පන්දු තනතීරූ ය. මෙයට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇත්තේ අඩු පහසුකම් සහිත හෝටල් බවද වාර්තා වේ.

මේ හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ අපක්ෂපාතීත්වය හේතුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදුව ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරු අසන්ත ද මෙල් විද්‍යුත් පණිවුඩයක් මගින් මෙසේ පැමිණිලි කරමින් සදහන් කර ඇත්තේ තම කණ්ඩායමට ලබා දී ඇති පහසුකම් ගැන සෑහීමකට පත් විය නොහැකි බවයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් ඕස්ට්‍රේලියාව සමග අද පැවැත්වේ. ඕවල් පිටියේදී පැවැත්වෙන මෙම තරගයටද යොදා ඇත්තේ වේග පන්දු තනතීරුවකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here