ඉන්දියානු තරගය දිනන්න පාකිස්තානය කරන්න හදන දේ මෙන්න

ඉන්දු – පාකිස්තාන තරගය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග වලදී වැඩිම ප්‍රේක්ෂක අවධානය දිනාගන්නා තරගය බවට පත්ව තිබේ. ඒ දෙරට අතර වසර ගණනාවක් තිස්සේ පවතින විරසකවීම් නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් හෝ ජයගෙන අනෙක් රට පරාජයට පත්කිරීමේ අටියෙන් දෙරටේම ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නියැලෙන බැවිනි. ඒ නිසාවෙන්ම මෙම තරගය ජයගැනීමට දෙරටේම කණ්ඩායම් හැකි සෑම දෙයක්ම කරනු නොවනුමානය.

වසර 27ක් ඈතට දිවෙන ලෝක කුසලාන තරග ඉතිහාසයේ දෙරට අතර පැවති එකදු තරගයක් හෝ ජයගැනීමට පාකිස්තානයට අවස්තාව නොලැබී ඇති අතර, ඒ නිසාවෙන්ම මෙවර තරගය ජයගැනීම සඳහා පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් සුවිශේෂි ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතය.

ඊයේ (12) ඕස්ට්‍රේලියාව සමගින් පැවති තරගය ලකුණු 41කින් පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය තරගය ජයගැනීමට නම් සිය කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය මීට වඩා ශක්තිමත් කරගත යුතු බව පැවසීය. එසේ නොවුනහොත් ඉන්දියානු තරගය ජයගැනීම අසීරු වනු ඇතැයිද ඔහු පැවසීය.

ඕස්ට්‍රේලියානු තරගයේදී උඩපන්දු කිහිපයක්ම ගිලිහියෑම නිසා ඕස්ට්‍රේලියානුවන්ට එතරම් විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවූ බවද සෆ්රාස් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here