ඉතිහාසයේ පළමු වතාවට චෙන්නායි සුපර් කිංග්ස් අවසන් පූර්ව සටනින් ඉවතට…

අයි.පී.එල්. ඉතිහාසයේ පළමු වතාවට මුල් කණ්ඩායම් හතර හතරට හෙවත් අවසන් පූර්ව තරගය සඳහා පිවිසීමේ අවස්ථාව චෙන්නායි සුපර් කිංග්ස් පිලට අහිමිවිය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තහනමට ලක්ව සිටි 2016 සහ 2017 යන වසර හැරුණු විට ඔවුන් සහභාගි වූ තරගාවලි 10කදී අදාළ මුල් කණ්ඩායම් හතර අතරට පිවිස තිබිණි. ඒ අතරින් ඔවුන් 8 වතාවක්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව මෙවර තරගවාරයේ චෙන්නායි සුපර්කිංග්ස් සහභාගි වී තිබෙන තරග 12න් 8ක් පරාජය වී තිබේ. අවසන් වරට ඔවුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමගින් තරග වැදුණු අතර අදාළ තරගයෙන් කඩුලු 8ක ජයක් චෙන්නායි කණ්ඩායමට හිමි විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here