ඉක්බාල්ගේ ප‍්‍රහාරයට තරංග එකට එක කරත්දි තිසරගෙන් සැර උත්තරයක්

හයවැනි වරට පැවති බංගලාදේශ ප‍්‍රීමියර් ලීග් (BPL) තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම ඊයේ (08) සමත්විය. ඒ අවසන් මහා තරගයේදී ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම පරදවා ලකුණු 17ක ජයක් වාර්තා කරමිනි. මෙවර ඔවුන් එය දිනාගනු ලැබුවේ දෙවැනි වරටය.

මීර්පූර්හි පිහිටි ශෙයා බංග්ලා ක‍්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනාගත් ඩකා ඩයිනමයිට්ස් නායක ෂකීබ් අල් හසන් තීරණය කළේ මුලින් පන්දු යැවීමටය. එහෙත් ෂකීබ්ගේ එම තීරණය අභියෝගයට ලක්කළ කොමිලා වික්ටෝරියන්ස් ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ඉනිමේ ආරම්භයේ සිට අවසානය තෙක් පිටියේ සිටිමින් ක‍්‍රීඩාගාරය වෙත පියනගනු ලැබූවේ පන්දුවාර 20 අවසනායේදී ලකුණු පුවරුව කඩුලු 3කට 199ක් ලෙස සකසමිනි. ගිනි කෙළි සංදර්ශනයක සිරි ඉසිලූ තමීම්ගේ එම වාර්තාගත ඉනිම පන්දු 61කින් ලකුණු 141ක් ලෙස සටහන් විය. එයට හයේ පහර 11ක් සහ හතරේ පහර 10ක් අන්තර්ගත වූයේ පන්දුවට පහරදීමේ වේගය 231.14ක් ලෙස සටහන් වන අතරවාරයේදීය.

පිළිතුරු ඉනිම ඇරඹු ඩකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග හා නවක ක්‍රීඩක රොනී තලුක්දර් ප‍්‍රතිවාදීන්ට ඇණයක් වූයේ වරක් දෙවරක් නම් නෙවේ. එම සබදතාවය නිමාවූයේ උපුල් තරංග පන්දු 27කින් ලකූණු 48ක් ලබා සිටියදී තිසර පෙරේරා හමුවේ දැවී යාමෙන් අනතුරුවය. ඉක්බාල්ගේ ප‍්‍රහාරයට එකට එක සිදුකළ තරංගව පිටියෙන් ඉවත් කරමින් සැර පිළිතුරක් ලබාදුන් තිසර පෙරේරාගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 35කට කඩුලු 2ක් වශයෙනි. ඩකා ඉනිමේ වැඩිම ලකුණුලාභියාවූ රොනී තලුක්දර් රුස්කළ ලකුණු ප‍්‍රමාණය වූයේ 66කි.

තමීම් ඉක්බාල් තරගයේ වීරයා බවට පත්වෙත්දී, තරගාවලියේ වීරයා ලෙස අනුශූරයින් බවට පත්වූ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන් නම් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here