ඇෆ්ගනිස්ථානයට තියුණු ටෙස්ට් ජයක් …

බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය අතර චටෝග්‍රාම් හි අද පවතී අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 224 ක ජයක් ලබාගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

ලකුණු 398 ක ජයග්‍රාහී ඉලක්කයක් හබාගිය බංගලාදේශයට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 173 ක් පමණි.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය ලකුණු 342 ක් රැස්කල අතර බංගලාදේශ කණ්ඩායම පළමු ඉනිම සදහා රැස් කලේ ලකුණු 205 ක් පමණි. දෙවන ඉනිම සදහා ඇෆ්ගනිස්ථානය ලකුණු 266 ක් රැස් කල අතර බංගලාදේශය රැස්කලේ ලකුණු 173 ක් පමණි.

බංගලාදේශ කණ්ඩායමට එරහිව ජයගත් මෙම තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ තුන්වන ටෙස්ට් තරගයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here