ඇෆ්ගන් ප්‍රහාරයෙන් නිවාස බේරාගත් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ

ලෝක කුසලාව ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (22) පැවති තරගයෙන් ප්‍රබල ඉන්දියානු කණ්ඩායම ලකුණු 11ක තියුණු ජයක් ලැබුවේ තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදීය. යම් හෙයකින් ඇෆ්ගනිස්තානය එම තරගය ජයග්‍රහණය කළේ නම් අද වනවිට ඉන්දියානු ක්‍රීඩකයන්ගේ නිවෙස් ගිනිතැබීමට වුවද එරට ප්‍රේක්ෂකයන් පසුබට නොවනු ඇත. ඒ නිසාවෙන්ම ඔවුන්ගේ නිවෙස් අවසන් මොහොතේදී බේරාගැනීමට හැකිවූ තරගයක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.

කාසියේ වාසිය දිනාගත් විරාත් කෝලි පළමුව පන්දුවට පහරදීමට පැමිණියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගෙන වැඩි ලකුණු පරතරයක් සහිතව තරගය ජයගෙන ලකුණු සටහනේ ඉදිරියට පැමිණිමේ අරමුණෙනි. ප්‍රබල ඉන්දියානුවන් ලකුණු 224කට සීමාකිරීමට ඇෆ්ගනිස්තානය සමත්වූයේ ඊයේ (21) එංගලන්තය ලකුණු 234කට ශ්‍රී ලංකාව සමත්වූ අයුරැ සිහිගන්වමිනි.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුයේ ලකුණු 67ක් ලබාගත් විරාත් කෝලිය. ඊට අමතරව ජාදව් ලකුණු 52ක් ලබාගැනිමට සමත්විය. පන්දුයැවීමේදී ගුල්බදීන් නයිබ් සහ මොහොමඩ් නබී කඩුලු 2 බැගින් බිඳහෙලුහ.

ප්‍රබල ඉන්දියානුවන්ට එරෙහිව ලකුණු 225ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය අවසන් පන්දුවාරය දක්වාම සටන අත්නොහැරියේ ඉන්දියානුවන්ට හුස්ම හෙලීම පවා අමතක කරමිනි. අවසන් පන්දුවාරයෙදි ඇෆ්ගනිස්තානයට ජයග්‍රහණය සඳහා කඩුලු 3ක් අතැතිව ලකුණු 16ක් අවශ්‍ය වුවද එම පන්දුවාරය යැවූ මොහමඩ් ෂමී තරගය කණපිට හැරවූයේ කඩුලු ත්‍රිත්වයක්ද ලබාගනිමිනි. ලෝක කසලාන තරගාවලියකදී ඉන්දියානුවෙකු එවන් දක්ෂතාවයක් සටහන් කළ දෙවැනි අවස්ථාව එයයි. ඒ අනුව පන්දුවාර 49.5කදී සියලුදෙනාම දැවී ඇෆ්ගනිස්තානයට ලබාගතහැකි වූයේ ලකුණු 213ක් පමණි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මොහොමඩ් නබී ලකුණු 52ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී මොහොමඩ් ෂමී කඩුලු 4ක් ලබාගත් අතර, බූම්රා, පාණ්ඩ්‍යයා හා චාහල් කඩුලු 2 බැගින් බිඳහෙලීය. තරගයේ වීරයා සම්මානය ජස්ප්‍රිට් බූම්රාට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here