රටපුරා එළිමහන් කායවර්ධන මධ්‍යස්ථාන දස දහසක් (10000) ඉදි කිරිමේ වැඩසටහන යටතේ පළමු එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානය ඊයේ (23) අනුරාධපුරයේදි විවෘත කෙරිණ.
ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව දිවයින පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, අනුරාධපුර නුවරවැව ප්‍රදේශයේ ඉදි කෙරුණ පළමු එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානය සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
මෙවැනි එළිමහන් කායවර්ධන මධ්‍යස්ථාන 5ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට නියමිතය. කායවර්ධන මධ්‍යස්ථානයක් සඳහා රුපියල් ලක්ෂ දහයක පමණ මුදලක් වැය කෙරේ.