ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා සුපිරි අටෙන් ශ්‍රී ලංකාව ඉවතට

රටවල් 16කගේ සහභාගිත්වයෙන් මේ දිනවල ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය. ඒ මූලික වටයේදී මුහුණ දුන් තරග තුනම  පරාජය වීම හේතුවෙන්.

මූලික වටයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ ඉරානය, ඕස්ට්‍රේලියාව හා කටාර් රාජ්‍යයට එරෙහිව වන අතර එම තරග තුනම 3-0 ලෙස පරාජයට පත්වන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා.

එම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ ශ්‍රේණිගත කිරීමේ තරග වටයට මුහුණදීමට සිදුවනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම  අද (17) කසකස්තානයට එරෙහිවත්,  හෙට (18) පාකිස්තානයට එරෙහිවත් තරග කරනු ඇත.

අවසන් වරට 2017 වසරේදී ඉන්දුනීසියාවේදී පැවති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ 14 වැනි ස්ථානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here