ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකාවේ නායකත්වය නිපුන් ධනංජයට

ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත් සංවිධානය කරන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව ඇති මෙම තරගාවලිය සඳහා සහභාගී වන 15දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය අද නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරිණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් නිපුන් ධනංජය ද උපනායකයා වශයෙන් කමිල් මිශාර ද නම්කර ඇත.

මෙම තරගාවලිය සදහා කාණ්ඩ 2 ක් යටතේ කණ්ඩායම් 8 ක් තරග වදියි. 

‘ඒ’ කාණ්ඩය 
ඉන්දියාව, ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය, කුවේට් රාජ්‍යය 

 ‘බී’ කාණ්ඩය 
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, නේපාලය 

සැප්තැම්බර් 5 වෙනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ක්‍රීඩාංගණ 5කදී පැවැත්වෙයි. එහි පළමු අවසන් පූර්ව තරගය පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීත් දෙවැනි අවසන් පූර්ව තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙන අතර අවසන් මහ තරගය සැප්තැම්බර් 14 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය
නිපුන් ධනංජය (නායක), කමිල් මිශාර (උපනායක), නවෝද් පරණවිතාන, අහන් වික්‍රමසිංහ, අවිශ්ක තරිඳු , රශාන්ත ද සිල්වා, අභිෂේක් කහතුඩුවආරච්චී, රොහාන් සංජය, අෂීන් ඩැනියල්, සඳුන් මෙන්ඩිස්, කවිඳු නදීෂාන්, යසිරු රුද්‍රිගු, දිල්ෂාන් මදුශංක, චමිඳු විජේසිංහ, අම්ෂි ද සිල්වා

අතිරේක ක්‍රීඩකයන්  
චමිඳු වික්‍රමසිංහ, සොනාල් දිනූෂ, දිලුම් සුධීර, චිහාන් කළිඳු         

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here