අළු බඳුනේ සිවුවන දිනයේ එංගලන්තය ලකුණු 382 ක් ඉදිරියෙන්

අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ 5 වන තරගයේ සිවුවන දිනය අදයි

ඊයේ දිනයේ තරගය නතර කරනවිට එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට ලකුණු රැස්කරමින් සිටි අතර ඔවුන් කදුළු 8 ක් දැවී ලකුණු 313 ක් ලබා සිටියේය.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙන දැවී ලකුණු 194 ක් රැස්කළ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත්තේ ලකුණු 225 කි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ඊයේ දිනය අවසන් වනවිට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා ලකුණු 382ක් ඉදිරියෙන් පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here