අළු බඳුනට තියුණු තරගයක්

එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ තුන්වන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි (25)

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 359ක ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම තෙවන දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු තුනක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 156ක්.

ජෝ රූට් නොදැවී – 75 යි, බෙන් ස්ටොක් නොදැවී – 02 යි.

තරගයේ පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 179ක් ලබාගත් අතර පිළිතුරු ඉනිමේ දී එංගලන්ත කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 67ක් පමණයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ඉනිම සඳහා ලකුණු 246ක් ලබාගැනීමත් සමඟ එංගලන්තයට තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 359ක ඉලක්කයක් හිමි විය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 203ක් අවශ්‍ය වන අතර ඒ සදහා කඩුලු 07ක් ඉතිරිව පවතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here