අශේන් බංඩාරගෙන් මංගල තරගයේදීම අර්ධ ශතකයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරන අශේන් බංඩාර අර්ධ ශතකයක් වාර්තා කළේය.

ඒ අද (10) පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි අර්ධ ශතකලාභියා බවට පත්වෙමිනි. අශේන් ලබාගත් ලකුණු 50ට 4 පහර 4ක් අන්තර්ගත විය.

ඔහුට අමතරව නායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් ලබාගනිමින් අර්ධ ශතක වාර්තා කළහ. ශ්‍රී ලංකාව පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ලකුණු 232ක් ලබාගත්තේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here