“අවිශ්ක හොඳ ආයෝජනයක්” මහේලගෙන් ශ්‍රී ලංකාවට උපදෙසක්.!

මෙවර ලෝක කුසලානයෙන් මුල් වටයෙන්ම ඉවත් වීම ශ්‍රී ලංකාව පාඩමක් කර ගත යුතු බව හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා. ලෝක කුසලානයේ මුල් වටයෙන්ම ඉවත් වූ ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ කණ්ඩයම් දහය අතරින් පස්වැනි තැන ලබා ගැනීමද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. 

ලබන 6 වැනිදා ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ශ‍්‍රී ලංකාව ජය ගත්තද පස්වැනි තැනට පත්වීමට නම් බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගයෙන් පාකිස්තානය පරාජය විය යුතුවම තිබේ. 

“ඉදිරි වසර හතර සඳහා ශ‍්‍රී ලංකා පිල මෙවර අයි. සී. සී. ලෝක කුසලානයේදී පාඩමක් ඉගෙන ගත යුතුයි. ඒ සඳහා දැනටමත් අවිශ්ක ප‍්‍රනාන්දු හොඳ ආදර්ශයක් ලබාදී තිබෙනවා.” 

“ඔහුව මම දන්නේ අවුරුදු 19 න් පහළ ක‍්‍රීඩා කරන කාලයේ ඉඳන්. පළමු පෙළ තරගයක්වත් ක‍්‍රීඩා නොකර හිටිද්දී ඔහුට ජාතික කණ්ඩායමේ ස්ථානය හිමිවුණා. එහිදී ඔහු ඔස්ටේ‍්‍රලියාවේ මිචෙල් ස්ටාර්ක්ට සහ පැට් කමින්ස්ට මුහුණ දුන්නා.”
 
“ඔහු චරිතයක් බව ඔප්පු කර පෙන්නුවා. එංගලන්තය සමග තරගයේදී ඔහු ආක‍්‍රමණකාරී පිතිකරණයක නියැළුණා. නමුත් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තරගයේදී එයින් මිදී නිර්භීත ඉනිමක් ක‍්‍රීඩා කරමින් ශතකයක් ලබා ගත්තා. ඔහුගේ දක්ෂතාව පුදුමයක් නොවෙයි. අවිශ්කට ගොඩක් දක්ෂතා තියෙන බව අපි දැන සිටියා.”
 යනුවෙන් මහේල මාධ්‍යයට පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here