අවිශ්කගෙන් ගිණි කෙළියෙන් අයර්ලන්තයට යන එන මං නැති වෙයි

සංචාරක අයර්ලන්ත ඒ කණ්ඩායම සහ ශීු ලංකා ඒ කණ්ඩායම අතර SCC කීූඩාංගණයේදී පැවති සිව්වැනි එක්දින තරගයෙන් ශීු ලංකාව ලකුණු 202කින් ජයගැනීමට සමත්වීමත් සමග තරග 5කින් සමන්විත නිල නොලත් එක්දින තරගාවලිය 4-0ක් වශයෙන් ඉදිරියෙන් සීටීමට සමත් විය.

මෙහිදී විශිෂ්ඨ පිතිහරඹයක යෙදුණු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 139ක් රැස්කරගනු ලැබුවේ පන්දු 118කිනි ඔහුගේ එම ගිණි කෙළි සංදර්ශණයට අනගි සහයක් ලබා‌දෙන්නට ඇන්ජලෝ පෙරේරා සහ කමිදු මෙන්ඩිස් සමත්වූයේ නොදැවී අර්ධ ශතක දෙකක් ලබාගනිමිනි.

පිළිතුරු ඉනිම කීුඩා කළ අයර්ලන්තය ලකුණු 151කට සීමා කරනු ලැබුවේ 31 වැනි පන්දුවාරයේදීය ඉසුරු උදාන හා කමිදු මෙන්ඩිස් කඩුලු 3 බැගින් බිද හෙළු අතර චතුරංග ද සිල්වා කඩුලු 2ක් බිද දැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here