අවසන් පූර්ව වටයෙදී ඕස්ට්‍රේලියාව අලුතින් දෙදෙනෙකු සංචිතයට කැඳවයි

12 වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ජූලි 7වැනිදා එංගලන්තයේ බිර්මින්ගම්හිදි පැවැත්වීමට නියමිතව ඇත්තේ සත්කාරක එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතරය. එම තරගයට පෙර ඕස්ට්‍රේලියානු සංචිතය වෙනස් කර සංචිතය තුළ නොසටි ක්‍රීඩකයන් දෙදෙනෙකු සංචිතයට කැඳවා ඇති බව වාර්තා වේ.

මෙලෙස සංචිතයට කැඳවා ඇත්තේ මැතිව් වේඩ් හා ෂෝන් මාෂ් යන ක්‍රීඩකයන් දෙපළයි. පසුගියදා ආබාධයට ලක්වූ උස්මාන් කවාජා හා මාර්ක් ස්ටොයිනිස් යන දෙදෙනා වෙනුවට ඔවුන් දෙදෙනා සංචිතයට එකතුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව එංගලන්තය සමගින් පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ අවම වශයෙන් ක්‍රීඩා කරනු ඇති බව ක්‍රීඩා විචාරකයන් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here