අවසන් තරගය ජයගත් ලංකාව ලැජ්ජාවෙන් බේරෙයි

සත්කාරක බංග්ලාදේශය සමග පැවැති තෙැවැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 97කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (28) සමත්විය. එහෙත් තරගාවලියේ ජය හිමිවූයේ 2-1ක් ලෙස ඉදිරියෙන් සිටි බංග්ලාදේශයටය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6ක් බිඳවැටී ලකුණු 286ක් ලබාගත්තේය. නායක කසල් ජනිත් අගනා ශතකයක් රැස්කරමින් දැවී ගියේ ලකුණු 120කටය. ඊට අමතරව ධනංජය සිල්වා නොදැවී ලකුණු 55ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් කඩුලු 4ක් බිඳ හෙලීය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශයට පන්දුවාර 42 පන්දු 3 අවසනදී සියලුදෙනාම දැවී ලබාගතහැකි වුයේ ලකුණු 189ක් පමණි.

විශිෂ්ට පන්දු යැවීමකත නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 16කට කඩුලු 5ක් බිඳ හෙලමින් තමාගේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඒ හෙතුවෙන් තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here