අයි.පී.එල්.වලදී අපි ඉතාමත් ස්ථාවරව ඉන්නවා – මුම්බායි පුහුණුකරු මහේල ජයවර්ධන

අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් අට අතරින් පෙරමුණට පැමිණ සිටින ඉකුත් ශූරයන් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේදීද ඉතාමත් ස්ථාවරව සිටින බව ප‍්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන පවසයි.

‘‘අපේ කණ්ඩායම ඉතාමත් ස්ථාවර තත්ත්වයක ඉන්නවා. නමුත් අපි තව තවත් උනන්දු වන්නේ සියලූ අංශ වැඩි දියුණු කරමින් තවත් ස්ථාවර වෙන්න ඕන. සමස්තයක් වශයෙන් ගත්තහම පුහුණුකරු විදිහට මට සතුටු වෙන්න පුළුවන්. නමුත් අපට තවත් වැඩි දියුණු කළ හැකි සහ දියුණු කළ හැකි ක්‍ෂේත‍්‍ර තවත් අනිවාර්යෙන්ම තිබෙනවා’’ යැයි මහේල ජයවර්ධන පවසයි.
ඉකුත් වසරේදී ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් මහේල ජයවර්ධන ප‍්‍රධාන පුහුණුකරුව සිටිමින් කළ සේවය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් කළමනාකාරීත්වයද ඉතාමත් ඉහළින් වර්ණනා කළේය. මෙවර තරගාවලියේදීද තරග 12 කදී ජයග‍්‍රහණ අටක් ලබා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා තිබේ. තරගාවලියේ වැඩිම ජයග‍්‍රහණ ලැබූ කණ්ඩායම වන්නේද ඔවුන්ය.

තරගයට පෙර කණ්ඩායම තේරීමේදී පුහුණුකරුවාට අවංක විය යුතු බවද මහේල පවසයි. එක් තරගයකදී රෝහිත් ෂර්මා විසින් ඔස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නකු වන ජේම්ස් පැටිසන් කණ්ඩායමට අවශ්‍ය බව පැවසීම මතක් කරමින් මහේල මෙසේ පවසයි.

‘‘මට අවංක විය යුතුයි. අපි නිතරම සාකච්ඡුා කරලා නම් ස්වල්පයක් තියෙන වෙලාවක රෝහිත් අත ඔසවා කිව්වේ පැටෝ (පැටින්සන්) මේ තරගයට අවශ්‍ය බවයි. ඒ නිසා අපි ඒ දේවල් සාකච්ඡුා කරලා තීරණ ගන්නවා. ඒ වගේම ටෙ‍්‍රන්ට් බෝල්ට් සහ ජස්ප‍්‍රිත් බුම්රා හොඳ පන්දු යැවීමේ අවබෝධයකින් ඉන්නවා. ’’

මහේල ජයවර්ධන සිය ක‍්‍රීඩකයන්ගේ ප‍්‍රතිශක්තීකරණය ගැනත් ඔවුන්ගේ මානසික ඒකාග‍්‍රතාව පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරන පුහුණුකරුවෙකි. එමෙන්ම වැරැුදි අඩුපාඩු ඇති ක‍්‍රීඩකයන්ට අවවාද මෙන්ම ද`ඩුවම් ලබාදීමේ ක‍්‍රමවේදයක්ද තිබේ. එබැවින් ඔහු සාර්ථක පුහුණුකරුවකු බවට පත්ව ඇත.
‘‘අපිට ඉතාමත් හොඳ සංකලනයක් තියෙනවා. හොඳ පන්දු යවන්නන් වගේම පිතිකරුවන්ද ඉන්නවා. ඒ වගේම කණ්ඩායම ඇතුළත් වෙන්න තවත් කිහිප දෙනෙක්ම ඉන්නවා. අපේ කොන්දේසි ගැලපේනම් අපි ඒ ගැන සොයා බලනවා. ’’ යැයි මහේල සිය කණ්ඩායම සම්බන්ධයෙන් පවසයි.

දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here