අයි. පී. එල්. අවසන් සටනට වරම් හිමිවන පළමු සටන අද …

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග්‍ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබන පළමු කණ්ඩායම තේරීමේ තරගය දිල්ලි කැපිටල්ස් හා මුම්බායි ඉන්දියන්ස් අතර අද (05) රාත්‍රියේ ඩුබායිහිදී ආරම්භ වේ.

මෙවර අයි. පී. එල්. තරගාවලියේදී අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හතර සමත් විය.

එහිදී මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් යන කණ්ඩායම් තුන වේලාසනින්ම අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලූ 10කින් පරාජයට පත් කරමින් අවසන් වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ප‍්‍රසාද ලකුණු 18ක් සහිතව අදාළ ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැුඳී සිටීමට සමත් විය.

සහභාගී වූ තරග 14න් තරග 8ක ජය හිමිකර ගැනීමට සමත්ව ඇති දිල්ලි කණ්ඩායම එහි දෙවනි ස්ථානයේ පසුවේ.

එ් අනුව එළිමිනේටර් ක‍්‍රමය යටතේ අද පැවැත්වෙන තරගය ජය ගන්නා කණ්ඩායමට මෙවර අයි. පී. එල්. තරගාවලියේ අවසන් මහා තරගයට ප‍්‍රවේශ වීමේ වරම් හිමිවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here