අයි.පී.එල්. අවසන් මහා සටන අද …

13 වැනි අයි.පී.එල්. විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (10 වැනිදා) මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර පැවැත්වේ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවෙන අවසන් මහා තරගය රාත්‍රි 7.30ට පැවැත්වීමට නියමිතය.

මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේ ද ශූරතාවය ජය ගතහොත් එය ඔවුන්ගේ පස්වැනි අයි.පී.එල් ශුරතාවය මෙන්ම අඛණ්ඩව ජය ගන්නා දෙවැනි ශූරතාවය ද වෙනවා.

දිල්ලි කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ පළමු වතාවටයි.

මෙවර තරගවාරයේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අවස්ථා 3කදී එකිනෙකා හමු වී
තිබේ. මූලික වටයේ තරග දෙක සහ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට පැවැති පළමු තරගයේදී ඔවුන් එකිනෙකා හමු වූ අතර එම තරග තුනේම ජය මුම්බායි ඉන්දියන්ස් සතු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here