අයිපිඑල් ඉතිහාසයේ විශිෂ්ඨම හඹා යෑම සමගින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්… – විශේෂ අවස්ථා මෙන්න (VIDEO )

ඉන්දීය ප්‍රමියර් ලීග් තරඟාවලියේ කිංග්ස් ඉලවන් පන්ජාබ් හා කණ්ඩායම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම  අතර තරඟය ඊයේ පැවැත්විනි .

මෙම තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන්නේ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 223ක් රැස්කළා.

කෙසේ වෙතත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3කදී එම ඉලක්කය පසුකළ අතර විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සන්ජු සැම්සන් පන්දු 42කදී ලකුණු 85ක් හා රාහුල් තේවාතියා පන්දු 31කදී ලකුණු 53ක් ලබාගත්තා.

ඉන්දීය ප්‍රමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් හඹාගෙන ගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ගනන ලෙසද මෙය සැලකෙනවා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here