අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියට යන ලංකාවෙ 7 දෙනා

මෙම වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන T10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 7 දෙනෙකු තෝරාගෙන තිබේ.  

නොවැම්බර් මස 14වනදා සිට 24 දක්වා අබුඩාබිහි Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ තුන්වැනි වරටයි. මේ සඳහා කණ්ඩායම් 8ක් යටතේ ක්‍රීඩකයින් තරග වදියි. එම කණ්ඩායම් 8 වන්නේ,

  • Qalandars
  • Maratha Arabians
  • Bangla Tigers
  • Karnataka Tuskers
  • Delhi Bulls
  • Deccan Gladiators
  • Northern Warriors
  • Team Abhu Dhabi

Maratha Arabians කණ්ඩායම සඳහා ලසිත් මාලිංග, දසුන් ශානක සහ වනිඳු හසරංග තෝරාගෙන තිබේ.
එසේම Delhi Bulls සඳහා කුසල් පෙරේරාද, Bangla Tigers සඳහා තිසර පෙරේරා ද, Team Abhu Dhabi සඳහා නිරෝෂන් දික්වැල්ල සහ Deccan Gladiators සඳහා භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් තෝරාගෙන තිබේ.

මෙම තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් බොහෝ ප්‍රමාණයක් සහභාගී වූවත්, ඉන්දීය ක්‍රීඩකයින් කිසිවෙක් සහභාගී නොවීම විශේෂත්වයක්. එයට හේතුව වන්නේ ඔවුන්ට තම මව්බිමෙන් පිටත ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වීමට අවසර නොමැතිවීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here