අන්තර් රෙජිමේන්තු ඔරු පැදීමේ තරඟාවලිය අගෝස්තු මස 22 සහ 23 යන දිනයන්හි දියවන්නා ඔයේදී පැවැත්වුණි.
ඒ සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ගජබා රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වුණි.
ශ්‍රී ලංකා සංඥා බලකායේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් තරඟාවලියේ දී පිරිමි කණ්ඩායම රන් පදක්කම් 2ක් ද, කාන්තා කණ්ඩායම රන් පදක්කම් 3ක්ද වශයෙන් රන් පදක්කම් 5ක් හිමිකරගනිමින් තරඟාවලියේ සමස්ත ශූරතාවය හිමිකරගැනීමට සමත් විය.
එහිදී අනුශූරතාවයන්, ශ්‍රී ලංකා පාබල හමුදා (පිරිමි) කණ්ඩායමට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා (කාන්තා) කණ්ඩායමට හිමිවිය.
මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවය ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් එන්.කේ. වඩුගොඩපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, සමාප්ති උළෙල ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රුවන් කුලතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.