අන්තර් දිස්ත්‍රික් කඹ ඇදීමේ පිරිමි ශූරතාව කුරුණෑගලට – කාන්තා ශූරතාව ගම්පහට

අන්තර් දිස්ත්‍රික් කඹ ඇදීමේ ශූරතාවලියේ පිරිමි ශුරතාව කුරුණෑගල දිස්ත්‍රික්කය සහ කාන්තා ශුරතාව ගම්පහ දිස්ත්‍රික්කය දිනාගත්හ.

ජාතික කඹ ඇදීමේ සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය පෙරේදා (29) කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. ඒ සඳහා දිස්ත්‍රික් 13 ක කණ්ඩායම් සහභාගී වූහ.

පිරිමි අනු ශූරතාව ගාල්ල දිස්ත්‍රික්කයට සහ තෙවැනි ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයය හිමිවිය.

කාන්තා අනුශූරතාවය රත්නපුර දිස්ත්‍රික්කයට හිමිවද්දී, එහි තෙවැනි ස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කය විසින්  දිනාගන්නා ලදි.

මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික කඹ ඇදීමේ සංගමයේ සභාපති බ්‍රිගේඩියර් රණසිංහ, ලේකම් ක්‍රිස්ටි ප්‍රණාන්දු, උපසභාපතිවරු කේ.පී.එන්.සේරසිංහ, ජගත් නිශාන්ත හා නිමාලි ප්‍රනාන්දු ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here