අද වැඩි වගකීම ශ්‍රී ලංකා මැද පෙළට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් බිද වැටී ලකුණු 136ක් ලබාගෙන සිටියේය. ඒ අනුව අද දිනයේ වැඩි වගකීම ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ට පැවරෙනු ඇත.

කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 354ක් ලබාගත්තේය. සිය කණ්ඩායම වෙනුවෙන් නායක කෙයිග් බේත්වෙයිට් ලකුණු 126ක් රැස් කළේය. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 94ක්ට කඩුලු 4ක් බිද දැමීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 55ක් ලබාගත්තේයත පිටියේ නොදැවී රැදී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 23ක් ලබා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here