අද තරගය ගැන මාලිංග පැහැදිලි කරයි..

 ශී‍්‍ර ලංකා නවසීලන්ත පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලිය අද (01) ආරම්භ වනවා. එම සියලූ තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදීයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 08 වන ස්ථානයේයි. නවසීලන්ත කණ්ඩායම එම සටහනේ 06 වන ස්ථානයේ පසුවනවා.

අද තරගය පිළිබඳ අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග කියා සිටියේ මෙහිදී වැදගත් වන්නේ රට සිටින ස්ථානය නොව ක්‍රීඩකයන් දක්වන දක්ෂතාවය බවයි. 

අද තරගය සඳහා එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව ද ඔහු  අදහස් පළ කරමින් සඳහන් කළේ නවසීලන්ත පිතිකරුවන්ට ලකුණු රැස් කර ගැනීමට පහසු නොවන ආකාරයේ පන්දු යවන්නන්ගේ සැළසුමක් සකස් කරන බවයි. සියල්ල සැළසුම් කරන්නේ කඩුල්ල පිළිබඳ අවබෝධයෙන් බවද සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here