අජන්ත මැන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වූ අජන්ත මැන්ඩිස් නිල වශයෙන් ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබේ.
පාදයේ අබාධයක් හේතුවෙන් කලක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වී උන් ඔහු අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ 2015 වසරේදීයි.

යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් 2008 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිස තමන්ට අවේණික වූ පන්දු යැවීමකින් තම නම ක්‍රිකට් පිටියේ රැන්ඳූ ඔහු ටෙස්ට් පිටියේ කඩුලු 70ක්ද, එක්දින පිටියේ කඩුලු 152ක්ද, 20-20 පිටියේ කඩුලු 66ක්ද රැස්කරගත් ක්‍රීඩකයෙකි.

20-20 ක්‍රිකට් තරග ඉතිහාසයේ දෙවරක්ම කඩුලු 6 බැගින් දවාගෙන හොඳම පන්දු යවන්නා ලෙස අජන්ත තැබූ වාර්තාව මේ වනතෙක් කිසිවෙක් බිඳහෙලා නොමැත.

පිතිකරණ අංශයෙන් එක් ටෙස්ට් අර්ධ ශතකයක් ලබාගෙන ඇති ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමද නියෝජනය  කළ ක්‍රීඩකයෙකි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here