
පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා ලැබු ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය තමාගේ පන්දුයැවීමේ ඉරියව්ව නැවත පරික්ෂා කිරීම සඳහා අද (01) ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යෑමට නියමිතය.
ඒ චෙන්නායිහි පිහිටි ශ්‍රී රාමචන්දු උසස් අධ්‍යාපන ආයතනයේ පිහිටි ක්‍රීඩා විද්‍ය ආයතනයේදීය.
පසුගිය වසරේ එංගලන්තය සමග ශ්‍රී ලංකාවේදී පැවති ක්‍රිකට් තරගාවලිය අතරතුරදී අකිල ධනංජය පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල විය. ඉන් අනතුරුව ඔහුට ජාත්‍යන්තර තරග වල පන්දු යැවීම තාවකාලිකව තහනම් කෙරිණි.
මෙම පරීක්ෂණය සඳහා පිටත්ව යන අකිල සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු වන පියල් විජේතුංග මහතා ද පිටත්ව යයි. ඔවුන් හෙට (02) දිනයේදී යළි දිවයිනට පැමිණීමට නියමිතය.