අකිල ධනංජය වෙනුවට දිල්රුවන් පෙරේරා කණ්ඩායමට … ?

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වීම හේතුවෙන් අකිල ධනංජයට ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර වන දෙවන ටෙස්ට් තරගය මඟ හැරෙන බව වාර්තා වේ.

මෙලෙස ඔහුට  චෝදනා එල්ල වීම හේතුවෙන් දින 12 ක් ඇතුළත අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව් පරික්‍ෂණයකට මුහුණ දිය යුතු අතර එම පරීක්‍ෂණයෙන් ඔහු වැරදිකරු වුවහොත් වසරක ක්‍රිකට් තහනමක් හිමිවේ

මෙලෙස පන්දු යැවීමේ පරීක්‍ෂණයකට සහභාගි වීමට අකිල ධනංජයට සිදුවීම නිසා හෙට ආරම්භ වීමට නියමිත නවසිලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේදී ඔහු වෙනුවට ඩිල්රුවන් පෙරේරා ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here