අකිල ධනංජය ඉන්දියාවට

පන්දු යැවීමේ ඉරියව්වේ පරීක්ෂණයකට මුහුණදීම සදහා අකිල ධනංජය හෙට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්වීමට නියමිතයි.

චෙන්නායි නුවර පිහිටි විද්‍යගාරයකදී අකිලට අදාළ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි. මෙම පරීක්ෂණය සදහා අකිල ධනන්ජය සමග ජෙරම් ජයරත්න මහතාද සහභාගි වීමට නියමිත බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.

පසුගියදා නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී නිමවූ තරගයෙන් පසු අකිලගේ පන්දු යැවීමේ ඉරියවුවේ සැකයක් පවතින බව විනිසුරු වාර්තා කිරීමත් සමග නැවත වරක් අකිලගේ පන්දු යැවීමේ ඉරියවුව පරික්ෂාවට ලක් කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here