අකිල ධනංජයට වසරක තරග තහනමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දගපන්දු තුරුම්පුව අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියවුව නීති විරෝධී බවට නැවත වරක් තහවරු වීම නිසා ඔහුට වසරක තරග තහනමක් පනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ගාල්ලේ පවතී ටෙස්ට් තරගය අතරතුර විනිසුරුවන් විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුව ICC යේ නියමය පරිදි ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයේ අකිලගේ පන්දු යැවීමේ ඉරියවුව පරීක්ෂණයට භාජනය කරනු ලැබුවා.

එහි ප්‍රතිපලය ලෙස ඔහුගේ පන්දු යැවීමේ ඉරියවුව නීති විරෝදී බව තහවරු වී ඇත.

25 හැවරිදි ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී චෝදනා එල්ල වූ දෙවන අවස්ථාව මෙය වෙනවා.

2020 වසරේ අගෝස්තු 29 දක්වා අකිලගේ මෙම තහනම බල පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here