අකිලගේ පරීක්ෂණයේ ප‍්‍රතිඵල 17දාට පෙර

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ දගපන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජයගේ පන්දුයැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමෙන් පසු පැවැත්වූ පරීක්ෂණයේ ප‍්‍රතිඵල පෙබරවාරි 17වැනිදාට පෙර ලැබෙනු ඇතැයි වාර්තා වේ.

එම පරීක්ෂණය පසුගියදා ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ශී‍්‍ර රාමචන්ද‍්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂන මධ්‍යස්ථානයේ දී පැවැත්විණී. ඒ සදහා අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ නියෝජිතවරුන් දෙදෙනෙකු ද සහභාගී වී තිබිණි.

එහිදී අකිලගේ පිට දග පන්දු 18ක් සහ කැරම් පන්දු 12ක් පමණ පරීක්ෂාවට භාජනය කර තිබිණි. පසුගිය වසරේ නොවරම්බර් මාසයේදී එංගලන්තය සමගින් ගාල්ලෙදී පැවති පළමු ටෙස්ට් තරගය අතරතුරදී අකිලට මෙම චෝදනාව එල්ල විය. ඉන් අනතුරුව ඔ්ස්ටේ‍්‍රලියාවේ බ‍්‍රිස්බේන්හි පැවති පරීක්ෂණයකින් අනතුරුව අකිලට අන්තර්ජාතික තරග වලදී පන්දුයැවීම තාවකාලිකව තහනම් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here