අකිලගේ තහනම ඉවතට – එක්දින සංචිතයේ වෙනස්කම් රැසක්

දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට
ICC ය විසින් තහවුරු කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 10 වන දා ICCය විසින් ඔහුට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමේ තහනමක් පනවනු ලැබූ අතර ඒ එංගලන්තය සමඟ පැවැති ටෙස්ට් තරඟාවලියේදී විනිසුරුවන් කළ පැමිණිල්ලකට අනුවයි.

පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීම සඳහා ඉන්දියාවේ ශ්‍රී රාමචන්ද්‍ර ක්‍රීඩා විද්‍යායතනයේදි ඇගයීමකට ලක් වුවා.

මේ අනුව තරඟ 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින තරඟාවලියට අකිල ධනංජය කැඳවා ඇති බව ශ්‍ර්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

මෙවර වෙනස්කම් රැසක් සිදුවී ඇති අතර එහි නායකතිවය ලසිත් මාලිංගට ලබාදී ඇති අතර ධනුශ්ක ගුණතිලක, දිනෙශ් චන්දිමාල්, අසේල ගුණරත්න, දසුන් ශානක, සීක්කුගේ ප්‍රසන්න, දුශ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර මෙවර සංචිතයෙන් ඉවත්කර ඇත.

Sri Lanka ODI Sqaud

Lasith Malinga (captain), Avishka Fernando, Upul Tharanga, Niroshan Dickwella (vice-captain), Kusal Perera, Kusal Mendis, Dhananjaya de Silva, Thisara Perera, Akila Dananjaya, Angelo Perera, Oshada Fernando, Kamindu Mendis, Priyamal Perera, Isuru Udana, Vishwa Fernando, Kasun Rajitha, Lakshan Sandakan

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here