අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද (4) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු විස්සයි විස්ස තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත්විය. 

එය ඔහුගේ පළමු කඩුලු ත්‍රිත්වය ලෙසද වාර්තා විය.

කොදෙව් ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි පන්දුවලදී පිළිවෙලින් එවින් ලෙවිස්, ක්‍රිස් ගේල් සහ නිකොලස් පූරන් දවාගනිමින් ඔහු මෙම දස්කම දැක්වීය.

මෙය විස්සයි විස්ස තරගවලදි ශ්‍රී ලංකික ක්‍රීඩකයකු කඩුලු ත්‍රිත්තවයක් ලබාගත් සිව්වැනි අවස්ථාව බවට ද පත්විය. මීට පෙර ලසිත් මාලිංග දෙවරක් සහ තිසර පෙරේරා විසින් අදාළ දස්කම දක්වා තිබුණි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here